වර්සිම් ජාත්‍යන්තර පාසල තුළ දරුවන්ට ලැබෙන උපරිම රැකවරණය සහ සුවපහසුව
Versim නේවාසික ඉස්කෝලේ යන විරුදාවලිය ලත් දිවයිනේ ප්‍රමුඛතම නේවාසික පාසල වන අපගේ, මුඛ්‍ය පරමාර්ථය වන්නේ සිසුන්ගේ මූලික අවශ්‍යතාවන් සියල්ල සපයමින් ඵලදායී අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කිරීමයි.
වසර 13ක් පුරා අප ප්‍රජාවට සහ සිසුන් දහස් ගණනකට ආරක්ෂාකාරී වටපිටාවක් තුළ තම අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව උදා කර දීම තුළින් අපගේ විශ්වාසනීයත්වය මේ වන විටත් ප්‍රායෝගිකව තහවුරු කර ඇත.
අප පාසලේ සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියළු දෙනාද නේවාසික වීම ඉතා සුවිශේෂී ලක්ෂණයකි.
සිසු දරුවන්ට මනා වූ මානසිකත්වයකින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, කාර්ය මණ්ඩලයට නිදහස් වූ මනසකින් දරුවන්ට උසස් වූ සේවාවක් සැපයීමටත් හැකි වන පරිදි, කොළඹ හෝ වෙනත් නාගරික බාධාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක අප පාසල පිහිටා තිබීම ඉතා සුවිශේෂී වේ.
අප පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට ආරක්ෂාව සැලසෙන පරිදි සකස් කරන ලද සුවිශේෂී ආරක්ෂණ පද්ධති 6ක් ක්‍රියාත්මක වේ.
පාසල් පරිශ්‍රය තුළ සහ නේවාසිකාගාර අවට CCTV කැමරා පද්ධති ක්‍රියාත්මක අතර පාසලේ පරිපාලන අංශය මඟින් ඒවා නිරන්තර අධීක්ෂණය කිරීම තුලින් දරුවන්ට බාහිරින් කිසිඳු බාධාවක් නොවන පරිදි ආරක්ෂාව තහවුරු කර ඇත.
නේවාසිකාගාර පාලක පාලිකාවන් මගින් දරුවන් නේවාසිකාගාරයේ සිටින සෑම මොහොතකම ඔවුන් පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සහ සොයාබැලීමෙන් පසුවන අතර එමගින් දරුවන්ට පවුලේ රැකවරණය සැපයෙනු ඇත.
අප පාසලේ ගුරුවරයන් සියළු දෙනා නේවාසිකව සේවය කරන අතර ඔවුන්ගේ කාලසටහන් සකසා ඇත්තේ පැය 24 පුරාවට සෑම සිසුවෙකුටම ගුරුවරුන් කිහිපදෙනෙකුගේ ඇස් මානයේ (සෘජු නිරීක්ෂණයේ) සිටින පරිදිය.
පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද පූර්ණ නේවාසික වන අතර ඔවුන් ද නිරන්තර දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම දරයි. දරුවන්ට අවශ්‍ය වැඩිහිටි රැකවරණය සහ හිතකර සහාය ඔවුන්ගෙන් දරුවන්ට හිමි වේ.
සම්මුඛ පරීක්ෂණ රැසකින් සමත් වූ විශිෂ්ට ශිෂ්‍ය නායක නායිකාවන් තම සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව මෙන්ම වෙනත් අවශ්‍යතාවන් සොයා බැලීමට පුහුණු කර ඇති බැවින්, සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ආරක්ෂාව සෑම සිසුවෙකුටම ලැබේ.
දරුවන් ස්ථානයට සහ සමාජ පරිසරයට අනුව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව විශේෂ ප්‍රායෝගික වැඩසටහන් ඔස්සේ කළමනාකාරීත්වය විසින් පුරුදු පුහුණු කරවන බැවින් දරුවන් වගකීම් දැරීමට බොහෝ සෙයින් දනී.
දරුවෙකුගේ මූලික අවශ්‍යතාවයක් වන පෝෂණය හා සෞඛ්‍යය සම්බන්ධව පූර්ණ වගකීම අප පාසල විසින් සතුටින් භාරගනු ලබයි.
ඉහත සඳහන් සියලුම පෝෂණ, සෞඛ්‍ය සහ ආරක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ පාසල විසින් වන අතර, දෙමාපියන්ට මේ සම්බන්ධව පූර්ණ වගකීමකින් සහ නොබිඳුණු විශ්වාසයකින් තම රැකියා කටයුතුවල නිරත වීමට අවස්ථාව ඇත.